(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (23) ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් නොපැමිණි නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කළ නොතීසි භාරදීමට නොහැකි වූ බව බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ බොරැල්ල පොලිසිය මේ බව දන්වා සිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව අධිකරණය නොතීසි නිකුත් කර තිබිණි.

