ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම ශ්‍රීලනිපය ඉවත දමයි


පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඒකාබද්ධ විපක්ෂය කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව දැනගන්නට ඇත.

ඒකාබද්ධ විපක්ෂය මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ඔවුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා තිබිණි.

ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනපති හා සාකච්ඡා කරන බව අගමැතිවරයා කියා ඇත.