ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


ශ්‍රී ලංකා මහ බැංකුව හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට හා සේවක අර්ථ සාධක අරමුදලට සිදුවූ පාඩුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් අසීමිත ලාභයත් පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (31) අල්ලස් කොමිසම පැමිණිල්ලක් කළහ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයථා ගනුදෙනුවලට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කරන ලෙසත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පිටු 5ක ලියුමක් අල්ලස් කොමිසමේ සභාපතිට ඉදිරිපත් කළේය.

IMG_1801 IMG_1815 IMG_1830