ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාද විමර්ෂණ අංශය විසුරුවන ලෙස දේව කන්නලව් කර පොල් ලක්ෂයක් ගැසීම අද (06) උදෑසන සීනිගම දේවාලයේ දී ආරම්භ විය. එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක් සහභාගී වී සිටිති.
සාමාන්‍යයෙන් දියඹ දේවාලය සෙනසුරාදා දිනයන් හි දවල් 12 වන තෙක් විවෘත වන අතර අද එම දේවාලය වසා ඇත.දියඹ දේවාලයේ යතුර භාර කපු මහතා නොපැමිණීමත්, එම දේවාලයට බැතිමතුන් ගෙන යන බේට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබීමත් ඊට හේතුවයි.
ඡායාරූප - ගාමිණී මහදුර
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්










