ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දෙට වෙනම


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ  කණ්ඩායම වෙනම තරග වැදීම ස්ථීර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හලාවත - ආරච්චිකට්ටුවේදී අද (01 වැනිදා) සවස   පාක්ෂිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා එලෙස කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේසේද පැවසීය. 

“අද උතුරේ  ආරක්ෂාව ගැටළුවක් වෙලා තියනවා. මේ බව අපි මුලින්ම කිව්වා. බුද්ධි අංශ වහලා දාලා. ඒ අයව හිර කරලා. කඳවුරු වහලා. අද උතුරේ ඇති වන දේවල් දිහා බැලුවම මේ වාගේ දේවල් ඇති වනවා. ඒක ඇත්ත. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපි තරග කරන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන්. ඒ සදහා අපි සුදානම්. ගැටළුවක් නැහැ.”