(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටින පැත්තේ සිට ගත යුතු බවටත් සිරිසේන මහතාට සහය පළ කළ යුතු බවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආණ්ඩුව පුපුරායාමකට සුදානම් බව ආණ්ඩුවේ උපදේශකවරුම පවසන්නේ යැයි ද නානායක්කාර මහතා කියයි. බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව හැදු ආණ්ඩුව පුපුරා යමින් පවතින්නේ නම් එය පුපුරා යාමට ද සහය දිය යුතු බව නානායකක්කාර මහතා පවසයි.
‘‘මේ වන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය බරපතලයි. ආණ්ඩු විරෝධී ක්‍රියා මෙහෙයවන්න බැරි නිසයි ඔහු උපවාස කරන්නේ. ඔහුට ඇප ලබා දීම ආණ්ඩුවේ වගකීමක්‘‘
‘‘චම්පික රණවක ඇමතිවරයාත් හම්බන්තොට කමිටුවෙන් අස්වෙලා. හම්බන්තොට වරායේ ඇති වියවුල් එයින් පෙනෙනවා. අනාගත පරපුරේ හිමිකම් අහිමි කරමින් පාවාදීමි වැඩිවෙලා තිබෙනවා. ඒවා බලා ඉන්න බැරි තැනයි විජේදාස රාජපක්ෂ මහතා කථා කළේ. මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිස් කථාකළේ ඒ නිසයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

