විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අනුරාධපුර නගරයේ මින් මද වේලාවකට කලින් විරෝධතා පාගමනක් ඇරැඹීය.
දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නායකයන් ද සහභාගී වන මේ පෙළපාලිය අනුරාධපුර බැංකු පෙදෙසේ ඔරලෝසු කණුව අසලින් පටන් ගෙන නව බස් නැවතුම්පොළ දක්වා ගමන් කරයි.
දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වී සිටිති.