ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවන බව මහින්ද කියයි


මේරටේ සියලූ පක‍ෂ සහ පෙරමුණු ඒකාබද්ධ කරගෙන මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසී ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා   රත්නපුරේ දී පැවසිය.

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ නමින් ඒකාබද්ධ විපක‍ෂය සංවිධානය කළ මහජන රැළිය  අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය. රත්නපුර ලොරි රථ ගාලේ දි පැවැත්විනි.

එහි දී කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

‘බණ්ඩාරණායක මහත්තයා, ඩී.ඒ. රාජපක‍ෂ මහත්තයාලා එක්සත් ජතික පක‍ෂයෙන් ගිහිං ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය පිහිටුවනු ලැබුවේ එජාපයේ ප්‍රතිපත්තිවලට සහ ක්‍රියාකලාපයට එරෙහිවයි. අද සිරිසේන මේක ගිහිල්ලා අලියාගේ පස්ස පැත්තේ තියලා තියනවා. ඒකටයි අපි විරුද්ධ.‘

‘නමුත් අද අපි ඔක්කොම් එකතු වෙලා තියනවා එක හේතුවක් නිසා. අද මෙයාලා දෙන්නා එක්කහු වෙලා මේ රට දෙකට කඩන්න සුදානම් වෙනවා. අපේ අයිතිවාසිකම් ඔක්කොම පාවාදීලා ව්‍යාපවස්ථාව වෙනස් කරන්න කෙටුම්පත් හදලා තියෙන්නේ. ඒකට ඉඩ තියන්න අපි සූදානම් නෑ. ඒනිසා අපේ යුතුකම හා වගකීම වන්නේ එකට එක්කහු වෙලා මේ තුමන්ත්‍රණය පරාජය කරන්න මේ මව්බිම රැකගන්න, කෑලි වලට මේ රට කඩන්න රණවිරුවො ඉඩ දෙන්නේ නැතුව,එකතු කරපු රට නැවත විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැතුව තියාගන්න.‘

‘ජනතාවට ඉල්ලන දේ මම දෙන්න ලෑස්තියි.ඔය ආණ්ඩු පැත්තට ගිහිං ඉන්න අය වැඩිකල් යන්න ඉස්සර අපේ පැත්තට එනවා. අපේ පැත්තේ ඉ`දගන්නනවා. ඒක ස්ථීරයි‘

මේ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ‘ඔවුන් ගන්න එපා‘ යැයි එක හ`ඩින් කියා සිටියහ. ඒ ඉල්ලීම මැද තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක‍ෂ හිටපු ජනාධිපතිවරයා:

‘ඔය පාර්ලිමේන්තුවේ ඔලූගෙඩි ගණන වෙනස් කරන එක එතරම් කඡ්ඡක් නෙමෙයි. ඒක කරන්න අවුරුදු තුන හතර ඉන්න ඕනෑ නෑ. වැඩිකල් යන්න ඉස්සර ඔලූ ටික මාරු වේවි. දැන් ඔය පාර ඇමතිවරු පිටි පස්සෙත් සීඅයි ඩී එක දානවා.‘

‘මම රහසේ කුමන්ත්‍රණය කරන්නේ නෑ. දෙන ගේම එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. රෑට ආප්පකාලා කරන්නේ නෑ.‘ යැයි ද කීය

රැස්වීම සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය:

‘මේ අය ද`ගලන්නේ පෙඩරල් ව්‍යවස්ථාව ගෙනැල්ලා ඒ හරහා උතුරු නැගෙනහිර වෙන් කරලා ඒ අයට වෙන්වී යාමේ අවශ්‍ය  කටයුත්ත හදලා දීලා, ඒ ස`දහා වන ජාත්‍යන්තර පිළිගැනීම හදන්න. ඔබ ලෑස්තිද මව්බිම දෙකට කඩනවට‘

‘මොන මොන බාධක ආවත් අපේ මුහුණ ඉස්සරහට කාලතුවක්කු තිබ්බත්, මරණං නියතං කියලා රබන් පද ගහන අපි නව ජාතික බලවේගය හදන එක හදනවාමයි. ඒ අරගලය හදලා, නිදහස් අරගලයට පණ පොවලා, ආණ්ඩුවේත් ආණ්ඩුවේ බටහිර හාම්පුත්තුන්ගේත්, ලිබරල් න්‍යාය පත්‍රය පරද්දන එක පරද්දනවාමයි.‘ යැයි කීවා ය.

ඵිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිළ මහතා අදහස් දක්වමින් පවැසුවේ ලබන ජනවාරියේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනන බව කීවේ ය. ඉන්පසු පෙබරවාරියේ එය සම්මත කරවා ගැනීමට ජනමත විචාරණයක් පවත්වන බවත් ඒ ජනමත විචාරණය පරාජ කරතියි බිය වී විරුද්ධ පක‍ෂ නායකයන් හිරේදාන බව කීවේ ය.

විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල ජනකායක් මෙම රැළියට පැමිණ සිටි අතර රැස්විම පැවති ස්ථානයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවු නිසා අතර ජනතාව ලොරි රථගාලට ආසන්න අතුරු මාර්ගවල පිරී එක් රැස්ව සිටියහ.

විවිධ ප්‍රදේශ වල දේශපාලන නායකයන්ට සහ හිටපු ජනපති මහින්ද රාජපක‍ෂ මහතාට ජය පතමින් සටන් පාඨ කියමින් දුර බැහැර ප්‍රදේශවලින් පැමිණ ජනතාව ඔරලෝසු කනුව දෙස සිට රැස්විම් භූමියට පැමිණ සිටියහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඛෙංගමුවේ නාලක හිමි වරුද, බැසිල් රාජපක‍ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, රාජා කොල්ලූරේ, ජී.එල්.පීරිස්, තිස්සි විතාරණ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, රංජිත්් සොයිසා, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක‍ෂ, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, ගාමිණි ලොකුගේ, වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම දේශපාලන පක‍ෂ නායකයන් රැස්විම ආරම්භයේ පැමිණ සිටියහ.

රැස්විම ආරම්බයේ කතා කල කථීකයන් වැඩි දෙනෙක් වැට් බද්ද, එට්කා ගිවිසුම, ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ යහපාලන ආණ්ඩුවට ගිය දේශපාලනඥයන්  ගැන දැඩි දෝෂාරෝපණය කළහ. එසේම දහ නමවන ව්‍යාවස්ථා සංශෝධනය තුලින් බිහිකර ඇත්තේ ව්‍යාජ ජාතික ආණ්ඩුවක් බව කීහ. අගමැතිවරයාගේ නියෝග වලට ක්‍රියාකරන ජනපතිවරයෙක් සිටින බව ද වැඩි දෙනෙක් කිහ.

එජාප විරෝධි නම් ශ්‍රීලනිපයට ඡන්දය දී වැඩක් නැතිබව කථීකයන් වැඩි දෙනෙක් කීහ. ඔවුන් පැවසුවේ ශ්‍රීලංකා නිදහස් පක‍ෂයේ බන්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන නව වැඩපිළිවෙළක් ආරම්භ වන බව ය.

මේ බලවේග හමුවේ බිය වු ආණ්ඩුව සමුපකාර ඡන්ද පවා කල් දමා ඇති බවත් ීිහ. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලංකා නිදහස් පක‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය ජෝන් සෙනෙවිරත්න මහතා හැර සෙසු සියලූ දෙනාම මේ රැස්විමට පැමිණ සිටින බව ද නිවේදනය විය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක‍ෂයේ නව දේශපාලන සංවිධානය හිටපු ජනපති මහින්ද රාජපක‍ෂ මහතාගේ නායකත්වයෙන් බිහි වන බවද, පැවසුහ.