මේ මිෂෙල් හර්ෆ්ට්ස් ගැන අපි මීට පෙර කතා කළේ ”කර්ම” චිත‍්‍රපටය නිසයි. එහි ප‍්‍රධාන චරිතයක් රඟපෑ ඇය, සිනමා උළෙලවලදී හොඳම නිළියට හිමි සම්මානය සඳහාත් නිර්දේශ වුණා. ඒ ඇයගේ පළමු සිනමා රංගනයයි. ඉනික්බිතිව ඇය රඟපෑවේ තිරගත වූ කේසෙරා චිත‍්‍රපටයේයි. එහි රඟපෑම වෙනුවෙන් ඇය දක්ෂතම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ඒ පසුගියදා පැවැත් වූ දෙරණ සිව්වැනි සිනමා සම්මාන ප‍්‍රදානයේදීය.
මේ මිෂෙල් එලෙසින් සිනමා ක්‍ෂේත‍්‍රයේදී කර්ම සහ කේසෙරා නිසා කතා බහට ලක් වූ ශිල්පිණියක වුව ද, ඊට පෙර ඇය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ, මෙරට ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ සිටින දක්ෂතම රංගන ශිල්පිණියක වූ නිසයි. නමුත් ඇය වෘත්තියෙන් ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ඉංගී‍්‍රසි භාෂාව උගන්වන ගුරුවරියකි.
”මම ඉගෙන ගත්තෙ කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. පාසල් සමයේදී වේදිකා නාට්‍ය හා වේදිකාවේ වෙනත් ප‍්‍රසංග සඳහා දායකත්වය ලබා දුන්නා. මගේ අම්මා සහ තාත්තා මාව ඉංග‍්‍රීසි කථනය හා නාට්‍ය විෂයයට යොමු කරන විට මගේ වයස අවුරුදු 4ක් විතර වුණා. එවකට එම විෂයය සඳහා ප‍්‍රකටව සිටි අයිරීනී වනිගරත්න මහත්මිය යටතේ තමයි එදා ඉගෙන ගත්තේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සරසවි අධ්‍යාපනයට යොමු වුණා. එහිදී ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රගුණ කළා. මනෝ විද්‍යාව අනෙක් විෂයය ලෙස ඉගෙන ගත්තා. එයින් පසුව නැවතත් ඉංග‍්‍රීසි වේදිකාවේ නාට්‍ය සඳහා එක් වුණා. අවුරුද්දකට නාට්‍ය හතරක විතර රඟපෑවා. හාස්‍ය රැගත් නිර්මාණයේ සිට සංකීර්ණ කතා පුවත් රැගත් නිර්මාණවලටත් දායකත්වය ලබා දුන්නා.
- එතකොට දැන්වීම්වලට පෙනී සිටියේ?
ඒ නාට්‍ය රඟපාන අතරේ රූපවාහිනී දැන්වීම් සඳහාත් ආරාධනා ලැබුණා. බේබි ෂෙරමි, ඩයලොග්, පීසා හට්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, අඹේවෙල, ජෝන්ස් ටී ඇතුළු දැන්වීම්වලට පෙනී සිටියා.
- ඒ අතරින් ඔබ වඩා කැමති දැන්වීම?
බේබි ෂෙරමි දැන්වීමට පුද්ගලිකව කැමතියි. ඒ විදියට සිටියදී තමයි ප‍්‍රසන්න ජයකොඩිගෙ ”කර්ම” චිත‍්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණෙ. එයා නිර්මාණය කළ දැන්වීමකට පෙනී සිටි නිසා තමයි ඒ අවස්ථාව ලැබුණෙ.
- කර්මවලින් පසු ඔබ රඟපාන්නෙ නැහැ කිව්වා නේද?
රඟපෑමට සමු දුන්නේ නැහැ. මට රඟපෑ හැකි පරාසයක සිට රඟපෑමේ චරිත සහ ගුරු වෘත්තියට බාධා නොවන අයුරින් මගේ සීමාවට යා යුතු වුණා. ඒ අතරේදි තමයි පරාක‍්‍රම ජයසිංහගේ කේසෙරා සඳහා ආරාධනා ලැබුණේ. කොහොම වුණත් පූර්ණ කාලීනව මම ගුරුවරියක්. මේ චිත‍්‍රපට දෙක එකකට එකක් වෙනස්. මේ විදියට චරිත ලැබුණත් මගේ දරු දෙදෙනා වගේම පාසලේ මගෙන් උගෙන ගන්නා ළමයින්ට ඉටු විය යුතු වගකීම නිසා මේ රංගනය කෙරෙහි සියයට - සීයක්ම කැපවෙන්න මට අමාරුයි. ලොකු පුතාට අවුරුදු 8යි. දෙවැනියාට අවුරුදු 2යි. පාසලේ ළමුන් තීරණාත්මක විභාගයට මුහුණ දෙන්නේ. උසස් පෙළ සාහිත්‍ය විෂයය ඉගැන්වීම සඳහාත් උපරිමයෙන් කැපවෙන්න ඕනෑ. ඒකයි මට නිතරම රංගනය ගැන හිතන්න බැරි.
- කොහොම වුණත් විචාරකයින් කියන්නේ ඔබ අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ඨ දක්ෂතා ඇති ශිල්පිණියක් කියලයි. සැමියා ඒ ගැන කොහොම ද හිතන්නේ?
මට මේ සම්මානය ලැබුණා නම්? ඒ පිටුපස සිටි ධෛර්ය සහ ගෞරවය මගේ සැමියායි. ඒ ගෞරවය එයාට හිමි විය යුතුයි. කේසෙරා රඟපාද්දි උදේම මාව ලොකේෂන් එකට රැගෙන ගොස් හවස රූගත කිරීම් නිම වූ පසු රැුගෙන එනවා. ඒ නිසා සියලූ දේ සාර්ථක වුණා.
- නමුත් ”කේසෙරා” රඟපෑම උදෙසා ඔබ සම්මානය ලබද්දී වඩා ලැජ්ජාශීලිව සිටියේ? ඇයි ඒ?
ඒක ඇත්තමට මට පුදුම සහගත අවස්ථාවක් වුණා. සාමාන්‍ය ජීවිතයේදී මම හරි ලැජ්ජාශීලියි. වේදිකාව මතට ගිහින් සම්මානය ලබාගෙන නැවත ආ මොහොත මට සිහිනයක් වගෙයි. සැමියා ඒ සතුට බෙදා ගන්න මා එක්ක සිටියා. එදා අපේ තාත්තාගේ උපන්දිනයයි. තාත්තා ගෙදර සිට මේ උළෙල දෙරණින් නරඹා තිබුණා. එයා එයාගේ උපන්දිනයට ලැබුණු ලොකුම තෑග්ග මගේ සම්මානය කියලා ප‍්‍රකාශ කළා. මගේ පාසලේ දරුවන් වගේම හිතවත් බොහෝ දෙනා නරඹා තිබුණා. මට ඒ මොහොත දැනටත් සදාදරණීයයි.
- කවුද ඒ වෙලාවෙ ඔබට සුබ පැතූ ප‍්‍රවීණ ශිල්පිණියන්? ශිල්පීන්?
බොහෝ දෙනෙක් හිටියා. දමිත් ෆොන්සේකා, රන්ජන් රාමනායක, ජගත් මනුවර්ණ, සුලෝචනා, දිල්හානි මේ ඔක්කොමලා මට සුබ පැතුවා.
- මේ සමඟ ඔබට ලැබී ඇති ජාත්‍යන්තර අවස්ථා මග හරිනවාද?
මුලින්ම මට බලන්න ඕන මගේ පවුලේ පවතින තත්ත්වය ගැනයි, මුලින් කිව්වා වගේ මගේ වෘත්තිය ඉගැන්වීමයි. රඟපෑමේ අංශය මගේ ලැදිකමයි. රංගනය එක අතකට ගවේෂණයක් වගෙයි.





