ඒ බිලත් බදු ගෙවන්නාගේ සාක්කුවට


ආසි‍යාවේ රටක ශ්‍රී ලංකාව වෙනුවෙන්   තානාපති නිලධරයෙකි. ඔහු තම රියදුරා සේවයෙන් ඉවත් කළේය.  

පසුගිය දිනක ඔහු ඉන්ධන  ගැනීමට සැප රිය පදවාගෙන එරට තෙල් හලකට ගියේය. ඩීසල් පොම්පය ළඟ නතර කළේය.ඩීසල් ගසා ගත්තේය. ටික දුරක් ගියේය.  ඇන්ජිම නතර විය.

පෙට්‍රල් ගැසිය යුතු ටැංකියට ඩීසල් ගැසීමෙන් ‘සීස්‘ වූ ඇන්ජිම හදා ගැනීමට බර ගණනක් මුදල් ගෙවිය යුත්තේ බදු ගෙවන්නාගේ සාක්කුවෙනි. මේ  ලොක්කා ඔහුගේ අලුත් මිතුරකුගේ රෙකමදාරු අනුව එරටින් රියදුරකු සේවයට එක් කර ගත්තේය.  ඔලමොට්ටලකම්වලට නම් දැරූ මේ නිලධරයා දැන් කොළඹට අවිල්ලාලු. හැබැයි ඉන්නේ ඔහුට නම නියම වූ තැන නොවේලු. වෙනත් වැදගත් අමාත්‍යංශයකලු.