ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මේ වනවිට මිලියන 100ක පිරිසක් ‘යු ටියුබ්’ වෙබ් අඩවිය තුළින් නරඹා ඇති බව වාර්තා වෙනවා. මාසයකට වඩා අඩු කාලයකදී මෙවැනි පිරිසක් මෙම ප්‍රචාරක පටය නරඹා තිබීම විශේෂත්වයක්.
කෝටි 10ක රසික ප්‍රතිචාර මත මෙම චිත්‍රපටය ඉහළ සාර්ථකත්වයක් හිමිකරගනු ඇතැයි මේ වනවිට බොහෝ පිරිසක්ගේ මතයයි. එහෙත්, ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය තිරගත වන දිනයේදීම අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය තිරගත කිරීමට සුදානම් කර ඇති අතර, එම චිත්‍රපටයටද මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින් බවට තොරතුරු ලැබෙනවා.