පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට ආරක්‍ෂක හමුදාව විසින් විස එන්නත් ශරීරගත කර තිබේදැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණය සදහා හිටපු කොටි සාමාජිකයින් 185 දෙනෙකු සහභාගී වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
යුද සමයේදී ආරක්‍ෂක හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් 12000ක් අතරින් 105 දෙනෙකු හදුනානොගත් රෝගවලින් සහ පිළිකා රෝගවලින් මිය ගොස් ඇත්තේ ආරක්‍ෂක හමුදාව විසින් ඔවුනට විස එන්නත් ශරීරගත කර තිබීමෙන් බවට චෝදනා එල්ල වීම මත උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරයි
කෙසේ වෙතත් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සිදුකර ගැනීමට හිටපු කොටි සාමාජිකයින් තුළ උනන්දුවක් නොමැති බව පෙනී යන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර සිටීයි
තවද වෛද්‍ය පරීක්‍ෂණයට සහභාගී වූ හිටපු කොටි සාමාජිකයින් විස ආසාධනය වී තිබීමක් සොයාගත නොහැකි වූ බවද වාර්තා වේ