ඒ.එස්.පීට නඩුවක්ලු : ඕ.අයි.සීට ලෙඩලු


ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කැදවිම් අනුව පොලිසියේ හයදෙනෙක් අද (21) එම කොමිසමට පැමිණියහ.

ප්‍රකාශ ලබා ගැනීමට එන ලෙස කොමිසන් සභාව පොලිසියේ නව දෙනෙකුට ලිඛිතව දැනුම්දී තිබුණි.

සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න මහතා උසාවි කටයුත්තක් නිසා කොමිසමට පැමිණිමට නොහැකි බව දන්වා එවා තිබුණි.  අසනීප තත්ත්වයක් නිසා කොමිසමට පැමිණිය නොහැකි බව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක දන්වා තිබිණි.

අද (21) ප්‍රකාශ ලබාගත් පොලිසියේ කිහිපදෙනෙකුගෙන් තව දුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව මානව හිමිකම් කොමිසම කියයි.

එම නිලධාරින් හා සෙසු පොලිස් නිලධාරින් ලබන සතියේ මානව හිමිකම් කොමිසමට කැඳවන බව එහි ප්‍රකාශකයෙක්   පැවැසීය.