ඒ.එස්.පී. පටි රෝල් කර ගනී
මහරගම කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ දොළහක අල්ලසක් ඉල්ලා විජේරාම විහාරයක දී රුපියල් ලක්ෂ දහයක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී නිහාල් රංජිත් මෙන්ඩිස් අල්ලස් කොමිසමේ නිලධරයන් විසින් මින් මඳ වේලාවකට කලින් අත්අඩංගුවට ගනු ලැබීය. මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථානයක බලයෙන් සිටින බව කියන පිරිසක් ඉවත් කැරදීම සඳහා කාන්තාවකගෙන් මේ අල්ලස් ගෙන ඇත.

