ඉංග්‍රීසි එෆ් එම් නාළිකාවක නිවේදකයකු වන රැම්සේ ජේනූර් ගිය වසරේ නොවැම්බර් දෙවැනි දා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන රියගාලේ දී ශ්‍රී ලංකා ජෑස් ගායිකා උමේරියා සිංහවංශගේ අතින් ඇද හිරිහැර කළැයි කියන නඩුවෙන් අද මුදා හරිනු ලැබීය.
‘භාතිය-සංතුෂ්‘ සංගීත කණ්ඩායමේ ගායක භාතිය ජයකොඩි සමග සිටිය දී ඇයට මේ අතවරය සිදුවීයැයි අධිකරණයේ දී කියැවිණි.
ජේනූර්ගේ නීතීඥවරයා පැවසුවේ ඇය වසරක්ම ඔහුගේ පෙම්වතිය වූ බවයි.