එෆ්.ආර්.සේනානායක මහතාගේ 91 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පැවැත්විණ.
එෆ්.ආර්.සේනානායක ගුණසමරු සංගමය මෙය සංවිධානය කර තිබූ අතර එෆ්.ආර්.සේනානායක මහතාගේ මුණුබුරු රනිල් සේනානායක සහ මීමුණුබුරු කොෂිත සේනානායක විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළහ.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක , හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ හිතවතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.





