එළොව පොල් පෙනෙන කොටුවේ පොල් මිල


(යොහාන් භාසුර)

සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220 ක පිටකොටුව ප්‍රදේශයේ අද (28) පස්වරුවේ පැවතුණි. කුඩාම ප්‍රමාණයේ පොල් ගොඩියක් රුපියල් 180 සිට 210 ක මිලක පැවැති අතර ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 250 ත් 270 ත් අතර මිලක පැවතුණි.

පොල් සිල්ලර වෙළදුන් පැවසුවේ තොග වෙළෙදුන්ගෙන් පොල් ගෙඩියක් රුපියල් 190 ක මිලට ගෙන 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බවයි.

පොල් ගෙඩි 250 ක් පමණ එකක් රුපියල් 190 බැගින් ලබාගත් පසු ගොඩි 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක දෝෂ ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කී සිල්ලර වෙළෙන්දෙක් ඒ පිළිබඳව අවදානය යොමු කිරීමේදී පොල් අළෙවි කිරීම අභියෝගයක් වී ඇති බවත්ය. පිටකොටුව ප්‍රදේශයේදී පොල් පාරිභෝගිකයෙක් පැවසුවේ රුපියල් දහසකට පොල්ගොඩි හතරක් පමණක් මිලදී ගතහැකි බවත් මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවත්ය.

පොල් මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වීම නිසා අඩු ආදායමම් ලාභී ජනතාව අධික මිලත් සමඟ දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී එම පාරිභෝගිකයා තව දුරටත් පොල් මිල ඉහළ ගියහොත් පොල් නොමැතිව ආහාර පිසීමට සිදුවනු ඇති බව ද සඳහන් කළේය.