(යොහාන් භාසුර)
එළිමහන් සංගීත ප්‍රසංග පවත්වන කාලය අලුයම 1.00 දක්වා දීර්ඝ කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් සන්ෆවර්ස් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතා අද (29) පැවසීය.
නීල් වර්ණකුලසූරිය මහතා ගායක ගායිකාවන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දින හතරේදී එළිමහන් සංගීත ප්‍රසංග රාත්‍රී 10.00 ට නතර කළ යුතුවීම විශාල ගැටලුවක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර පසුදින අලුයම 1.00 දකවා ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
මෙම තත්වය හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක්ට රැකියා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බව කී වර්ණකුලසූරිය මහතා රාත්‍රී 10.00 ප්‍රසංග නතරකිරීමට අපේක්‍ෂකයන් ද අකමැති බව ද සඳහන් කළේය.