කොළඹ ධර්මපාල මාවතේ විහාර මහා දේවි සතුටු උයන ඉදිරිපිට ඇති අලෝක සංඥා කණුවෙහි රතු, කහ සහ කොළ යන වර්ණ තුනම එක්වර දැල්වී තිබීම නිසා රියැදුරෝ අසීරුවට පත්වූහ.
අද දහවල් කාලයේ සිට මෙසේ වර්ණ තුනම එක දිගට දැල්වෙයි.
ධර්මපාල මාවතේ ගමන් කරන වාහනද, පාර්ක් පාරේ සිට ධර්මපාල මාවතට ඇතුළු කළ වාහන ද එකිනෙක මුහුණට මුහුණ හමුවීම නිසාත් දැඩි රථවාහන තදබදයක් ඇති විය.