එළවළුත් ගිනි ගණන්


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල   දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණභාරයේ කළමනාකරු ක්‍රිස්ටි 

විජේරත්න මහතා පැවසීය.අයහපත් කාලගුණය නිසා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබෙන ප්‍රමාණය සියයට හැත්තෑවකින් අඩු වී ඇත.

දඹුල්ලේ සිල්ලර එළවලු අලෙවි සල් වල අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000ක් වන අතර තක්කාලි කිලෝවක මිල රුපියල් 500කි.

තොග වෙළදපොළේ බෝංචි,බීට්රූට්,මාළු මිරිස්,වම්බටු,ලීක්ස්,කැරට්,මෑකරල් කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර  ඒවායේ සිල්ලර මිල ඊට දෙගුණයකින්  පමණ ඉහළ ගොස් ඇත.

අද (29)  දඹුල්ල තොග වෙළදපොළේ සහ සිල්ලර වෙළදපොළේ එළවළු වර්ග කිහිපයක මිල ගණන් මෙසේය.

වර්ගය                    කිලෝවක තොගමිල         කිලෝවක සිල්ලර මිල

ගෝවා                      70-100                              150-200

බෝංචි                      180-220                            320-350

ලීක්ස්                       180-210                             300-350

කැරට්                       180-210                             320-380

බීට්රූට්                     160-200                              250-300

තක්කාලි                   170-200                              300-380

මාළුමිරිස්                  280-320                               600-700

නෝකෝල්               90-120                                 150-200

වැටකොළු                120-150                                230-280

පතෝල                    90-120                                  150-200

DSC06971 DSC06974 DSC06982 DSC06984 DSC06998 DSC07001