කුලියාපිටිය රෝහලේ භෝජනාගාරයේ රෝහල් සේවක වැඩ පාලකවරිය මිලට ගත් එළවළු රොටියක දතක් සොයා ගැනීමෙන් පසුව එම රොටිය හැදු බේකරියෙන් කෑම සැපයුම් අත්හිටුවා ඇත. එහෙත් නීතීමය කටයුතු අරඹා නැතැයි රෝහල් සේවකයෝ කනස්සල්ල පළ කරති.
කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් ජී කේ රත්නසිරි මහතා පැවසුයේ බේකරි හිමියාගෙන්ද ප්‍රශ්න කර ඇති හෙයින් ඉදිරි කටයුතු ඒ අනුව සිදු වන බවයි.