එළවළු කිලෝ තිස්දහසක් විසි කරයි


විවිධ පෙදෙස් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දැමීමට ගොවීනට සිදුවිය. තක්කාලි කිලෝව රුපියල් දෙකකට ද, බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රුපියල් අටත් දහයත් අතර මිලකට අලෙවි විය. වම්බටු කිලෝ පනහක කෑල්ලක් රුපියල් 100කි. එම එළවළු කොම්පොස් පොහොර නිෂ්පදනය සඳහා හබරත්ත කොම්පොස් නිෂ්පාදන මධ්‍යස්ථානයට ගෙන ගිය බව ආර්ථික මධ්‍යස්ථාන ප්‍රකාශකයෙක් කීය.