එසැණට ලණු දී අනාගනී


අද අප්‍රේල් 01 දා එසැණ ලවා මහා බොරුවක් පලකරවා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. එම පුද්ගලයා කීවේ රත්නපුරේ පතලකින් විශාල මැණිකක් ලැබී ඇති බවයි. මැණික කූඩයකට දමා ගොඩගත නොහැකි තරම් විශාල බවත් ඒ බව පොලිසියට දැනුම්දුන් පසු අඟහරුවාදා රාත්‍රියේ සිට පතලට පොලිස් මුර යොදා ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ද එහි පැමිණ සිටින බවත් හෙතෙම කීවේය. එසැණ ඒ ලණුව කෑවේ නැත.