මධ්‍යම පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ පරීක්ෂාව සදහා යොදවා සිටින ඇතැම් පරීක්ෂකයන් බස් රථ පරීක්ෂාව වෙනුවට අල්ලස් ගන්නා සැටි එසැණට සාක්කි සහිතව ඔප්පු කළ හැකියි.
බස් රථ කිහිපයක නැඟ ඒ පිළිබඳව සොයා බැලීමට අපට හැකි විය.නිල් පැහැති නිල ඇඳුම් පැළැද සිටි හතර දෙනකු දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම රැක සිට පෞද්ගලික බස් රථ නවතා කොන්දොස්තර මහතා ගසක් අසලට කැඳවාගෙන යති.
ගසට මුවා වී සිදු කරන්නේ කුමක් ද යන්න අභිරහසකි.
ගහට මුවා වනුයේ ප්‍රසිද්ධියේම රුපියල් සියයේ සිට පන්සීය දක්වා වු මුදලක් ලබා ගන්නට බව කොන්දොස්තරවරු කියති.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිනි අනෝමා පොල්වත්ත මහත්මිය කියා සිටියේ මෙම පරීක්ෂකවරුන් සිදු කළ යුත්තේ බස් රථයට ගොඩවී පරීක්ෂා කැර අඩුපාඩු ඇත්නම් රථය තුලදීම දඩ කොල නිකුත් කිරීම කළ යුතු බවයි. බස් සේවකයින් බස්සවා වෙනත් ස්ථාන වලට රැගෙන යාම කළ නොහැකි බවයි.
මාර්ග බලපත් සෝදිසි කිරීම් ,මගින්ට ටිකට් දීම ආදී නියමයන් නිසියාකාරව සිදු කෙරෙන්නේදැයි සොයා බැලීම මොවුන්ගේ රාජකාරියයි.
නීතියට පටහැනිව මෙම නිලධාරීන් දවස පුරා සිදු කරන පරීක්ෂණ කටයුතු පිළිබඳව වීඩීයෝ ගත කැර ගැනීමට හා ඡායාරූප ගැනීමට අපට හැකි වුයේ මගීන් ලෙස වෙස් වළාගෙන ගිය නිසාය.