ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් හයක ජනමාධ්‍ය ඡායාරූපකරණය පිළිබදවත් ,සිංහල භාෂාවේ උච්චාරණය පිළිබදවත් පාසල් සිසුන් දැනුම්වත් කිරිමේ වැඩ සටහනක් සදහා ලංකාදීප එසැණ ජනමාධ්‍ය හා ඡායාරූප ශිල්පි අශෝක පීරීස්ට පැවැරී ඇත.
දැනට ඉග්‍රීසි භාෂාව සහ ජනමාධ්‍ය අධ්‍යයයනයේ යෙදී සිටින මොහුට මේ සදහා ආරාධනා කැර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බින්බෑන්ක් සංස්කෘතික අනුමැතියෙනි. ඕස්ට්‍රේලියාවේදී ගන්නා ලද අභව්‍යකාශ ,පාරිසරික, උද්ඝෝෂණ,ක්‍රීඩා,ස්වාභාවික විපත් සහ ආගමි කටයුතු මෙම ඡායාරූප ප්‍රදර්ශනයට එක් කැර තිබේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂාවල වාක්‍ය රටාව ගොඩනැගෙන ආකාරයත් එහි පවතින මුලික වෙනස්කම් මෙන්ම සිංහල භාෂාවේදී ක්‍රියාව අවසානයටත් ,ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාව උක්තයට පසුව යෙදීම පිළිබදවත් ඉතා සරලව ඔහු ඕස්ට්‍රේලියා පාසල් සිසුන් දැනුම්වත් කළේය.
මෙය සිසුන්ට ප්‍රිය උපදවන්නක් වු බව හේ කියයි.සිංහල ජනතාව දෑත් එක් කොට ආයුබෝවන් කියන පිළිවෙළ පවා සිසුහු මෙහිදී පුරුදු වුහ.