එස්ටීඑෆ් ආරක්ෂාව මැද ඥානසාර හිමි වැලිකඩට


භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් විශේෂ කැබ් රථයකට නංවාගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

නීතියට ගරු කළ යුතු බව ඥානසාර හිමියෝ කියනු ඇසුණු බවද කියති. අවට රැස්ව සිටි පිරිස සිය විරෝධය දක්වමින් ගල් මුල් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළහ.

මේ වන විට උසාවි භූමිය අවට කලහකාරී තත්ත්වය සංසිඳී ඇතැයි පොලිසිය කියයි.

ඥානසාර හිමි රැගෙන ගියේ උසාවි වැඩ අවසන් වී පැය හතරකට පසුවය.

_DSC1307 _DSC1389 _DSC1675 _DSC1746 _DSC1767

ජායාරූප - ඉෂාන්  සංජිව

welikada_20161261298 welikada_201612612928 welikada_2016126129233 welikada_2016126129234 welikada_2016126129235 welikada_2016126129236 welikada_2016126129238 welikada_2016126129239

ඡායාරූප - ප්‍රියන්ත ජයලත්

වීඩියෝ - සිරි මහබෙල්ලන