එස්.බී යෝෂිත ගැන දුක්වෙයි


සීඑස්එන් නාලිකා සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට අත්වූ ඉරණම ගැන තමා දුක්වන බව සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී.දිසානායක කියයි.

මේ සම්බන්ධයෙන් ඔහු නිවේදනයක් ද නිකුත් කර ඇත. යෝෂිත රජයේ සේවකයකු ලෙස මෙන්ම දේශපාලකයකු ලෙසද දීප්තිමත් අනාගතයක් ඇති තරුණයකු බවත් ඔහු කියයි. ඔහුට එරෙහි පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද දිසානායක මහතා පවසයි.