අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍ය සිවා සින්නතම්බි කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ ගොඩනැගිල්ලේ තිබූ දේපළ සොරකම් කළැයි කියන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තා උපදෙස් පතා නීතිපතිට යොමු කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයකු හා වත්මන් ඇමැතිවරයකු වන එස්.බී.දිසානායක වෙනුවෙන් පෙනී සිටි කේ.වී.තවරාසා නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් කවුදැයි නම් කරන ලෙසයි.
දිසානායක මහතා සැකකරුවකු බවට කටකතා පැතිර යතියි ඔහු කියා සිටියේය. රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාට පැවසූයේ හිටපු ඇමැති තවම සැකකරුවකු කර නැති බවයි. පරීක්ෂණ අවසන් නැතැයිද රහස් පොලිසිය කීවේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රසිකා වීරසූරිය නීතිඥවරිය කියා සිටියේ තවරාසා මහතාගේ ඉල්ලීම අසාධාරණ හා අදාළ නොවන බවයි.
බාධාවකින් තොරව පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසියට ඉඩ තිබිය යුතු බවද ඇය කීවාය. දිසානායක මහතා සැකකරුවකුද නැද්ද යන්න ගැන දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට කීවේය.

