අයිය නගෝ දෙදෙනකු විසින් තම වත්තෙන් සොරාගත් රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන්නැයි පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පොලිස් අධිකාරි සුනිල් විජේසේකර පැමිණිලිකරු විය.
මොහුගේ හොරණ මිල්ලෑව බෝලවත්තේ ඉඩමට අයුතු ලෙස ඇතුල්වී කොස්ගෙඩි දෙකක් හා පොල් ගෙඩි කිහිපයක් සොරාගත් බව කියන අයිය නගෝ දෙදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප දෙක බැගින් නියම කළ හොරණ මහේස්ත‍්‍රාත් මහින්ද රණසිංහ මහතා ඔවුන් මුදාහරින්නැයි ඊයේ (18) නියෝග කළේය.
ඇප නියම වූයේ කිඳෙල්පිටිය මිල්ලෑවේ දේවගේ තිලකරත්න සහ මානෙල් ගුණසේකර නැමති අයිය නගෝ දෙදෙනාටය.
පිලියන්දල සුනිල් විජේසේකර මහතා මොරගහහේන පොලීසියට කළ පැමිණිල්ලක් මත මොවුහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
තමා ඉඩමට යනවිට මෙම සැකකරුවන් දෙදෙනා තමා දැක දිවගිය බවත් ඔවුන් අත රුපියල් දහසක් පමණ වටිනා කොස් ගෙඩි දෙකක් තිබෙනු දුටු බවත් පැමිණිලිකරු පොලිසියට කීබව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවැසීය. සැකකරුවන් ත‍්‍රීරෝද රියකින් පැමිණ ඇති බවද ඔවුන් තම ඉඩමේ පොල් ද සොරකම් කර ඇතැයිද පැමිණිලිකරු පොලිසියට කියා ඇත.
කොස් ගෙඩි දෙක පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී එම කොස්ගෙඩි දෙක තමන්ට එපායැයි පැමිණිලි පාර්ශවය උසාවියට දැන්වීය.
එම කොස්ගෙඩි දෙක පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම සොරා ගත් බව කියන පොල් ගෙඩි කීපයද සොයාගනු ලැබුවහොත් ඒවාද පුණ්‍යායතනයකට භාරදෙන ලෙස ඉල්ලීම් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ.
විභාගය මැයි තුන් වැනිදාට කල් තැබීය.
විජේසේකර මහතා වැඩ තහනම් වූ නිලධරයෙකියි අපේ වෙබ් අඩවියේ පළ වූයේ පොලීස් ආරංචි වලින් ලැබුණු තොරතුරු අනුවය. එය වැරදි බව දැන් අපට දන්වා ඇත. ඔහු දැනට සේවයේ යෙදෙන නිලධරයෙකි. එම ප්‍රමාද දෝෂය ගැන ඒ මහතාට අපේ කනගාටුව පළකරන්නෙමු.

