හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා චීනයේ හිතවතකු වූ එස් ඩී බණ්ඩාරනායක (98) මහතා අභවප්‍රාප්ත විය.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.
යක්කල මඩුගස්වලව්වේ පදිංචිව සිටි ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.
පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් ඉගෙන ගත්තේය.
1952 සිට 1989 දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වූයේ ගම්පහ මහ මුදලි සී පී ජයස් බණ්ඩාරනායක මහතාය. ඔහුගේ මව මාතර කාන්තාවකි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමියා වූ දොස්තර එස් ඒ වික්‍රමසිංහගෙන් ඔහු මුල්ම දේශපාලන පාඩම ඉගෙන ගත්තේ.
ජේ ආර් ජයවර්ධන මහතා විසින් සංවිධානය කැරුණු මහනුවර පාගම ගම්පහ ඉඹුල්ගොඩ දී නතර කළේ එස් ඩී බණ්ඩාරනායක මහතාය.
ඔහු ඩී එස් සේනානායක හිටපු අගමැති සමයේ ගොවි හමුදාවේ සේවය කළේය.
දේශිය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි

