ශ‍්‍රී ලංකාවේ එස් ඕ එස් ළමා ගම්මාන නිරීක්ෂණ චාරිකාවක් සදහා එහි ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ථ කෝල් ඇතුළු විශේෂ දූත පිරිසක් අද (6) ශ‍්‍රී ලංකාවට පැමිණියහ. එස් ඕ එස් ළමා ගම්මාන ජාත්‍යන්තර සංවිධානයේ යාවජීව සභාපති හෙල්මට් කුටින් සහ ආසියා කලාපීය අධ්‍යක්ෂිකා ශූභා මුර්ති මහත්මියද ඒ පිරිසට ඇතුළත් වෙති.
එස් ඕ එස් ළමා ගම්මාන ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ ආරම්භ කර මෙම වසරට වසර 35 ක් සපිරේ ඒ වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයකට ද ඔවුන් සහභාගිවීමට නියමිත බව එස් ඕ එස් ශ‍්‍රී ලංකා සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න පවසයි.
පිළියන්දල, ගාල්ල, යාපනය, මොනරාගල, අනුරාධපුරය සහ නුවරඑළියේ එස් ඕ එස් ගම්මාන පිහිටුවා ඇත.


