අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලා හිමිකරු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන විශේෂ බළකායේ හිටපු සෙබළකු වන ආර් ඒ ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා තවත් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා පොලිසියට අද අවසර දුන්නේය.
ඝාතනයෙන් පසු සැඟව සිටි බව කියන සැකකරු පෙරදින (1) රාත්‍රී හලාවත දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවේය.
ප්‍රධාන සැකකරුගේ සහෝදරයකු බව කියන චන්දන හේවගේ රණසිංහ ද, සැකකරුට රැකවරණය දුන් බව කියන චින්තා ප්‍රියදර්ශනී සහ රංජිත් සදකැලුම් පෙරේරා ද ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.


