එස්.එස්.සී පිටියේ අතින් පයින් ගහ ගනිති


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය කොළඹ ලුම්බිණි විද්‍යාලයය අතර අද එස්එස්සී පිටියේ පැවති මහා ක්‍රිකට් තරඟයෙන් පසු දෙපිරිසක් පිටිය මැදට පැන කලබලයක් ඇති විය.

සිසුහු සහ ආදි සිසුහු පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් ද කැඳැවිණි.

අද පැවති මහා ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය පන්දු වාර 48කදී සියල්ල දැවී ලකුණු 151ක් ලබා ගත් අතර ලුම්බිණි විද්‍යාලයය පන්දු වාර 48ක දී ලකුණු 152ක් ගනිමින් ජයග්‍රහණය කළේය.

ඉන් පසු දෙපිරිසක් පිටිය මැදට පැනීමෙන් පසු කලබලය ඇරැඹිණි.