(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළුවියහැකි බව ද එම නිලධාරියා කීය.
එම ටෙස්ට් තරගය අනිද්දා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.