එස්.එස්.පී අමුතු වෙස් ගනී


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පෙළපාළිය පාර්ලිමේන්තු පිවිසුම් මගට යතියි ලැබුණු ආරංචි අනුව එය වාර්තා කිරීමට ගිය රූපවාහිනී නාලිකාවට කැමරා ශිල්පියකුට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බාධා කළේය. බැන වැදුණේය. තර්ජනය කළේය.

කැමරා ශිල්පියා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හැදුනුම්පත පෙන්වූ විට එය ගනන් නොගෙන තම රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගන්නා බව තර්ජනාත්මකව කීවේය. මාධ්‍යවේදියා ගියේ ද රාජකාරි කටයුත්තකට බව මාධ්‍යවේදීහු කියති.

පොලිස් නිලධාරියා -  මෙතන අපි අපේ රාජකාරියක් කරන්නේ.

කැමරා ශිල්පියා - ඇයි මෙතන වීඩියෝ කරන්න තහනම් ද?

පොලිස් නිලධාරියා - මෙතන මීඩියා කරන්න එපා. කැමරාව පල්ලෙහා දාන්න.

කැමරා ශිල්පියා - ඇයි මෙතන වාර්තා කරන්න බැරි?

පොලිස් නිලධාරියා - කරුණාකරලා කැමරාව පල්ලෙහා දාගන්න. රාජකාරියට බාධා කරනවා කියා අල්ල ගන්නවා හරිද?

කැමරා ශිල්පියා - මොකක්ද මං කළ වරද?

පොලිස් නිලධාරියා - ඔයාට මෙතන හිතු මතේ බයික් නවත්තලා මේව්වා කරන්න බෑ.

කැමරා ශිල්පියා - මමත් මෙතන ඇවිත් තියෙන්නේ වැඩකට. මගේ අන්‍යතාවය පෙන්වලා තියෙන්නේ.

පොලිස් නිලධාරියා - මේ මෙහේ මීඩියා කවර් කරන්න මේකක් නෑ.

Untitled-5

(වීඩියෝ හිරු රූපවාහිනියෙනි)