එස් එම් හා පොලීසිය රටේ නම රකී


වාද්දූව පොතුපිටිය අංක එක දුම්රිය පොළෙන් ගාලු යෑමට ආ බ්‍රිතාන්‍යය යුවළකගේ රන් බඩු සහිත බෑගයෙන් සොරා ගත් බව කියන සුදු රත්තරන් කරාබු ජෝඩුවක් හා මුද්දක් පැය දෙකක් ඇතුළතදී සොයා ගැනීමට වාද්දූව පොලීසියට හැකි විය.

බෑගය නැති වූ බව ඔවුන් දැනගෙන ඇත්තේ බේරුවල දක්වා ගමන් කිරීමෙන් පසුවය.

යළි දුම්රිය පොළට ආ ඔවුනට දුම්රිය ස්ථානාධිපති බෑගය සොයා දෙන විට රන් බඩු තිබූ නමුත් මුද්ද හා කරාබු ජෝඩුව නොතිබිණි.

එම බඩු සොරා ගත් බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු එක් අයකු ළග තිබී කරාබු ජෝඩුව ද වල දමා තිබූ මුද්ද සොයා ගෙන ඇත.

දුම්රිය ස්ථානාධිපතිට බෑගය හමුවන විට එම භාණ්ඩ සොරා ගෙන තිබෙන්නට ඇතැයි පොලීසිය කියයි.