බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය තුප්පහි දෝන රත්නා රංජනී, ඇගේ නැන්දම්මා වන ටී.එම්.චන්ද්‍රවතී හා පානදුරේ කුකුළු මස් කඩකරුවකු වන ඉන්දික මදනායක ලබන 7 වැනිදා තෙක් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
මිය ගිය උප පරීක්ෂකගේ බිරිය මනෝ වෛද්‍යවරයකුට පෙන්වන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය. සිව්වැනි සැකකරුවන කාලින්ද දාබරේ පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නේය.
පොලිසිය අධිකරණයට පැවසූයේ එම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඡායාරූප - සිරි මහබෙල්ලන











