එස් අයි මාර්ග බාධක පරණ යකඩ කඩේට විකුණයි


පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක්  ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රිමන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙක්  ඇප ලදහ.