කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පිළිබඳ බැංකු වගකීම් සහතික ඉදිරිපත් නොකිරීමත් නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් දෙවැනි වරට පැවැත්වීමට සූදානමින් සිටි එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
එස්. එල්. පී. එල් තරගාවලියේ අධ්‍යක්‍ෂක, අජිත් ජයසේකර මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ තරගාවලිය බොහෝ දුරට අවලංගු වීමට ඉඩ ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඒ සම්බන්ධයෙන් අද (17 වැනිදා) දිනය තුළදී තීරණයක් ගැනීමට නියමිත බවත්ය.
”මෙම වගකීමේ මුදල් ගෙවීමට ඔවුන්ට දී තිබූ කාලය ඊයේ (16 වැනිදා) අවසන් වුණා. ඇරත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් ස්ථිර කිරීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නෑ”
”මේ තත්ත්වය යටතේ අපට තරගාවලිය තියන්න අපහසුයි. යම් විදිහකින් ඔවුන් මුදල් නොගෙවා සිටියොත් කී‍්‍රඩකයන්ගේ මුදල් ගෙවන්න වෙන්නේ අපටයි....ඒත් ඒක කරන්න බෑ” යයිද ජයසේකර මහතා එසැණට පැවසීය.
අයි. පී. එල්. තරගාවලියෙන් ඉවත් කරන ලද ඇතැම් කණ්ඩායම්ද තමන්ගේ කී‍්‍රඩකයන්ට මේ දක්වාත් මුදල් ගෙවා නැතැයි වාර්තා වේ.
මේ දිනවල ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින, ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුලින් සැලසුම් කළ තිබිණ. එහෙත් එම ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමට සිදුවූයේ එස්. එල්. පී. එල්. තරගාවලියට කාලය වෙන්කර ගැනීම සඳහාය.
එස්. එල්. පී, එල්. තරගාවලිය නොපැවැත්වුවහොත් ශී‍්‍ර ලංකාවට තරගාවලි දෙකක්ම අහිමි වෙයි.