ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට සූදානමින් සිටි විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය (එස්. එල්. පී. එල්.) ගැටළු කිහිපයක් හේතුවෙන් මෙවර පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (03) කළ විමසුමකදී පැවසුවේ තරගාවලිය පිළිබඳ ප‍්‍රශ්න කීපයක් මතු වී ඇති බවයි.
”එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධාන කටයුතු කරගෙන යෑමේදී පොඩි පොඩි ප‍්‍රශ්න කීපයක් මතු වී තිබෙනවා. ඒව මේ වන විට සාකච්ඡ මට්ටමේ තිබෙනවා” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.