ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) තරගාවලියේ කණ්ඩායම් සඳහා කී‍්‍රඩකයන් තෝරා ගන්නා රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’ කළ කළ විමසුමකදී එස්. එල්. පී. එල්. තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් ජයසේකර මහතා පැවසුවේ මෙවර තරගාවලිය යොදාගත් පරිදි අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
”මෙය ක‍්‍රීඩකයන් වෙන්දේසියක්ම නොවෙයි. ඒත් ඒ ඒ ක‍්‍රීඩකයන්ට වටිනාමක් තියෙනවා, ඒ අනුව මෙහිදී සිදුවන්නේ කණ්ඩායම් අයිතිකරුවන් ඔවුන්ට අවශ්‍ය ක‍්‍රීඩකයන් තෝරා ගැනීමක් පමණයි”
”මෙම රැස්වීමට සියලූම කණ්ඩායම අතිකරුවන් සහභාගිවිය යුතුයි” යයිද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
2012 තරගාවලියේ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නොමැති බවත් ඒ හේතුවෙන් එම කණ්ඩායම්වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.
පසුගිය වසරේ ඇතැම් කණ්ඩායම් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයසේකර මහතා පවසා සිටියේ සියලූම අයිතිකරුවන්ට මුදල් ගෙවන ලෙස දැනුම්දී තිබෙන නමුත් මේ දක්වාම ගෙවීම් නොකළ අයිතිකරුවන්ද සිටින බවයි.
එස්. එල්. පී. එල්. තරගාවලි මාලාවේ පළමුවැන්න 2012 වසරේ අගෝස්තු මස විදේශිය ක‍්‍රීඩකයන් රැුසකගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගාවලියට කණ්ඩායම් 7 ක සහභාගි විය. එම තරගාවලියේදී ඌව කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි.