පානදුර දුම්රිය පොළ සෙමින් පසුකරද්දී දුම්රිය රියදුරාට සිය ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණපාන්නට සිදු විය.
රේල් පාරේ සිටගෙන සිටින තරුණයා හා දුම්රිය අතර දුර මීටර 200ක්වත් නැති බව ඔහුට වැටහිණි.
ඒත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සිය දස්කම් විස්කම් යොදා දුම්රිය නවත්වා ගත්තේය. තරුණයාගේ ජීවිතය ද බේරුණේය.

