එල්ලුම් ගහ එපා : දිවි තෙක් හිරගේ ඉල්ලයි


මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවක් ලෙස ලිහිල් කරන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලන බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මාහානාමහේවා කියයි.

මරණ දඬුවම නියම වූ 540 දෙනෙක් බන්ධනාගාරවල සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් අවුරුදු 30-50 වයස්සීමාවන්ගේ අයයි. එක්කෝ තමන් එල්ලා මරණ ලෙසත්, නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලෙසත් ඔවුන් කොමිසමට කී බවත්, ඔවුන්ගේ මානුෂික හා ශාරීරික පීඩා සැළකික්ලට ගෙන එම ඉල්ලීම කරන බවත් මහානාමහේවා මහතා පවසයි.