තිළිණි ද සිල්වා
එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමානාන්තර සැසියකදී අද (20) පැවසීය.
එබැවින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ඇති ජාත්‍යන්තර ත්රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන යටතේ එල්.ටි.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානයට උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිළිබඳවද පරීක්ෂණයක් කරන මෙන් ලංකාවේ ඉදිරි රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරන ප‍්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවද ගොඩහේවා මහතා පෙන්වා දේ.
හෙතෙම මේ බව පැවසූයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සමාන්තර සැසිවාරයේ දී සිංහල සංවිධාන නියෝජනය කරමිනි. නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා එම සැසියේ මුලසුන හෙබවීය.
2015 දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවලයට පාදකවූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාව මගින් මෙලෙස එම කූඨ උත්සාහය දරා ඇතැයිද ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
එම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාවේ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කණඩායමක් ලෙස මිස ‘ත‍්‍රස්වාදී කණ්ඩායමක් ‘ ලෙස නොවන බවද ගොඩහේවා මහතා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයේදී වැඩිදුරටත් කියා සිටියේය.
මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත‍්‍රස්ථාවාදයට මුදලින් ආධාර කළ අන්තවාදී දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කර ඇති ජාත්‍යන්තර ත්රස්තවාදය වැලැක්වීමේ වැඩසටහන යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවද ඔහු පෙන්වා දේ.
ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ අද (20) පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප‍්‍රිකානු හා ආසියනු රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.