
(රොෂාන් ගුණරත්න)
පිතිකරුවන්ගේ මෙන්ම පන්දු යවන්නන්ගේත් විශිෂ්ට දස්කම් හමුවේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් යාපනය ස්ටැලියන්ස් පිලට හිමිවිය.
ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. සාර්ථක ආරම්භයක් ලබාගත් සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අධිවේගී ඕවර 5 ලකුණු 24 කට සීමාකරමින් ප්‍රවේගකාරී පිතිකරුවන් තිදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්වූහ.
අවසන් මහ තරගයේ සම්පූර්ණ විස්තර වාර්තාව සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.


