එල්.ඊ.ඩී බල්බ ගෙවීමේ ක්‍රමයට


විදුලි පාරිභෝගිකයන්ට සහන ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. බල්බ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
මාස 24කින් ගෙවීමේ පදනම මත එසේ බල්බ ලබාදෙන බවත් එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය. අඩු ආදායම් ලාභී පවුල් 21කට එම ක්‍රමය යටතේ එල්ඊඩී බල්බ ලබාදීමට නියමිතය.