එල්. වී. ජයවීර කුසලාන ඉංගිරිය ගාමිණී මැදි විදුහලට


ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය විසින් 41 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ 2013 ‘එල්. වී. ජයවීර’ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ. අනුශූරතාව දිනාගත්තේ හොරණ විද්‍යාරතන විද්‍යාලයයි.

කි. ගෑ. 39-41 බර පංතියෙන් තරග වැදුන ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහලේ කේ. වී. එරන්ද තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන ලබද්දී, දක්ෂතම පරාජිතයා ලෙස කි. ගෑ. 33-35 බර පංතියෙන් තරග වැදුන පිළිමතලාව මධ්‍ය මහ විදුහලේ එස්. ජී. බණ්ඩාර සම්මාන ලැබීය.

අපේ‍්‍රල් මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා ඉංගිරිය නගර සභා කී‍්‍රඩාංගණයේදී පැවැත්වූණ මෙම තරගාවලිය සඳහා මෙවර පාසල් කණ්ඩායම් 55 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 211 දෙනෙක් සහභාගීවූහ.

තරගාවලියේ ප‍්‍රතිඵල සටහන

කිලෝ ග‍්‍රෑම් 33 / 35 බර පන්තිය (අවු. 13 - 14)  
පී. ඒ. ප‍්‍රසන්න (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) විසින් එස්. ජී. බණ්ඩාර (පිළිමතලාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 35 / 37 බර පන්තිය (අවු. 13 - 14)     
එම්. ඒ. කුමාර (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) විසින් පී. එම්. පළිහවඩන (පානදුර රාජකීය විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 37 / 39 බර පන්තිය (අවු. 13 - 14)
කේ. ටී. මධුසංක (කන්තලේ ගන්තලාව මහ විදුහල) විසින් බී. ආර්. රාජපක්ෂ (මහ නුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 39 / 41 බර පන්තිය (අවු. 13 - 14)     
කේ. වී. එරන්ද (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) විසින් ජේ. ඞී. ප‍්‍රනාන්දු (පිළිමතලාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 41 / 43 බර පන්තිය (අවු. 13 - 14)     
ඒ. පී. මධුරංග (හොරණ විද්‍යාරථන විදුහල) විසින් එන්. සී. ජයසිංහ (පිළිමතලාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 43 / 45 බර පන්තිය (අවු. 13 - 14)     
එස්. පී. ප‍්‍රනාන්දු (පානදුර ශ්‍රී සුමංගල විදුහල) විසින් ඩබ්. එම්. ජයරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 44 / 46 බර පන්තිය (අවු. 15 - 16)     
වී. එන්. ජයලත් (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) විසින් ආර්. බී. වීරසිංහ (කඩුගන්නාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 46 / 48 බර පන්තිය (අවු. 15 - 16)     
ඩබ්. සී. පෙරේරා (ශ්‍රීපාද නවෝද්‍ය විදුහල හැටන්) විසින් යූ. ජී. රූපසිංහ (කඩුගන්නාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 48 / 50 බර පන්තිය (අවු. 15 - 16)     
ඞී. එස්. වික‍්‍රමආරච්චි (හොරණ විද්‍යාරතන විදුහල) විසින් එම්. කේ. පෙරේරා (පිළිමතලාව මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 50 / 52 බර පන්තිය (අවු. 15 - 16)     
එම්. එම්. මහරඹ (කොළඹ නාලන්දා විදුහල) විසින් එච්. ඒ. සිරිමාන්න (හොරණ මේධංකර මහ විදුහල) පරාජය කරන ලදී.
 
කිලෝ ග‍්‍රෑම් 52 / 54 බර පන්තිය (අවු. 15 - 16)
කේ. පී. ලක්ෂිත (නාරංදෙණිය මධ්‍ය විදුහල) විසින් එස්. එස්. රබීල් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 46 / 49 බර පන්තිය (අවු. 17 - 18)
එච්. ආර්. කාවින්ද (පානදුර රාජකීය විදුහල) විසින් ටී. පී. ප‍්‍රමෝද් (හොරණ විද්‍යාරථන විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 49 / 52 බර පන්තිය (අවු. 17 - 18)
ඩබ්. ඩබ්. බණ්ඩාර (පේරාදෙනිය මධ්‍ය මහ විදුහල) විසින් එච්. ඒ. සුමුදුරංග විසින් (කුලියාපිටිය සාරනාත් විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 52 / 56 බර පන්තිය (අවු. 17 - 18)
එස්. එච්. වික‍්‍රමගේ (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) විසින් ජේ. එම්. ජයසුන්දර (රත්නපුර සීවලී මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 56 / 60 බර පන්තිය (අවු. 17 - 18)
එච්. එම්. බණ්ඩාර (මහ නුවර විද්‍යාර්ථ විදුහල) විසින් ජී. ජී. ගීතාංජන (පේරාදෙනිය මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදී.

කිලෝ ග‍්‍රෑම් 60 / 64 බර පන්තිය (අවු. 17 - 18)
ආර්. ඩබ්. වීරසිංහ (මාවතගම මධ්‍ය මහ විදුහල) විසින් ඊ. එම්. බණ්ඩාර (තෙල්දෙණිය මහ විදුහල) පරාජය කරන ලදී.

(*)