එරාවූර්, පුන්නකුඩා ඉඩම් හොර රහසේම අල්ලා ගනිති


මඩකළපු දිස්ත‍්‍රික්කයේ, එරාවූර්, පුන්නකුඩා ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරය තවදුරටත් රහසිගතව ක‍්‍රියාත්මක වන බව ප‍්‍රදේශවාසීහු කියති. මේ වන විටද ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිටින බවද වාර්තා වේ. 
මේ පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් පුද්ගලයින් 06 දෙනෙකු සහ බැකෝ යන්ත‍්‍රයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අමානෝ ෂීට් භාවිතා කරමින් එක් ස්ථිර නිවසක් පමණක් ඉදිකර තිබූ අතර, මේ වන විට තාවකාලික නිවාස 05 ක් පමණ ඉදිකර තිබේ. කොන්ක‍්‍රීට් කණු යොදා මෙම ඉඩම් වල වැටවල් ගසා වෙන් කරගෙන තිබේ. 
මාධ්‍ය මඟින් මේ හෙළිදරව් කිරීමෙන් අනතුරුව එම ඉඩම් පුද්ගලික ඉඩම් (ප‍්‍රයිවට් ලෑන්ඩ්) යනුවෙන් ඉඩම් අල්ලා ගත් පුද්ගලයින් විසින් නාම පුවරුද යොදා ඇත. මෙම ඉඩම් වල තිබෙන තල් ගස් පෙරලමින් සංවර්ධන කටයුතු සිදු කරන බවද පැවසේ. 

2 3 4 5