
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සදඟා බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් අවශ්‍ය සහාය මෙන්ම ඒකඟත්වය පළ කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තනාපති කලීඩ් නසීර් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර පැවැති හමුවකින් අනතුරුව අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.
දෙරට අතර ආගමික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පර්යේෂණ හා අධ්‍යයන අවස්ථා හුවමාරු කර ගැනීම, ශ්‍රී ලංකාව තුළ හා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තුළ පුරාවිද්‍යා ප්‍රදර්ශනයන් පැවැත්වීම, ඉතිහාසය, පුරාවිද්‍යාව හැදැරීමේ අධ්‍යයන අවස්ථා දෙරට අතර පුළුල් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

