එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට


ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් අද (10) සවස හදිසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

එහි ගමන් කළ ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවකට ඇතිවූ හෘද්ධයාබාධයක් නිසා ගුවන් යානය කටුනායකට ගොඩ බෑමට තීරණය කළ ඇතැයි ගුවන්තොටුපොළ නිලධාරියෙක් එසැණට පැවසීය.